ලිපි ඉදිරිපත් කිරීමේ නිර්ණායක
* සියලු ම ලිපි ඊමේල් මගින් jhu@kln.ac.lk යන ලිපිනයට යොමු කළ යුතුය.
* සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන් ම ලිපි ලබාදිය හැකිය.
* සියලු ම සිංහල MS Word මගින් FM Abhaya සහ අකුරු ප්‍රමාණය 12 වන සේ පේළි අතර ද්විත්ව පරතරයක් සහිත ව ඉදිරිපත් කළ යුතුය.
* ඉංග්‍රීසි ලිපි Arial Font / Times New Roman භාවිතයෙන් අකුරු ප්‍රමාණය 10 ලෙසත්, පේළි අතර ද්විත්ව පරතරයක් වන සේත්, සියලු ම ලිපි තනි පිටුවට යතුරුලියනය කළ යුතුය. ලිපිවල මාතෘකා සඳහා අකුරු ප්‍රමාණය 14 විය යුතුය.
* වගු හා පින්තූර වෙන වෙන ම දැක්විය යුතු අතර ඒවා පිළිවෙළින් වගු ගත කළ යුතුය.
* සියලු ම කෙටි නාම සහිත පාදක සටහන් සමස්ත ලිපියෙහි ම වෙනස් නොවන සේ එකම ආකාරයකට යෙදිය යුතුය. උදා- කැලණිය විශ්වවිද්‍යාලය (කැ.වි.වි.)
* පරිශීලනය කෙරෙන ග්‍රන්ථයන්හි පාදක සටහන්වල සියලු විස්තර දැක්විය යුත්තේ එක් තැනක පමණි. අනෙක් තැන්හි කෙටි නාමය පමණක් භාවිත කළ යුතුය.
* ඉදිරිපත් කෙරෙන සෑම ලිපියක් ම විෂයානුබද්ධ ප්‍රාමාණිකයන් දෙදෙනෙකු ලවා ඇගයීමට ලක් කර, අවශ්‍ය තැන්හි සංශෝධන සිදු කිරීම සඳහා යොමු කෙරේ.
* ඇගයීම් ක්‍රියාවලිය රහස්‍ය, ස්වාධීන, ක්‍රමයකට අනුව සිදු කෙරේ.
ලිපි ලිවීම සඳහා නිර්ණායක
මාතෘකාව
* මාතෘකාව ලිපියේ අන්තර්ගතයට අනුකූල විය යුතුය.
සංක්ෂේපය හා ප්‍රමුඛ පද
* ප්‍රමුඛ පද හතරක්වත් ඇතුළත් වන සේ ලිපියේ සංක්ෂේපයක් දැක්විය යුතු අතර එය වචන 250- 300 අතර තනි ඡේදයකට දැක්විය යුතුය. එහි උපුටා ගැනීම් ඇතුළත් නොවිය යුතුය.
* එම සංක්ෂේපයෙහි පර්යේෂණයේ අරමුණ වැදගත්කම පර්යේෂණ ගැටලුව, පර්යේෂණ ක්‍රමවේදය, ප්‍රතිඵල හා නිගමනය පැහැදිලිව ඇතුළත් විය යුතුය.
හැඳින්වීම
* පර්යේෂණයට අදාළ හැඳින්වීමක් ලිපිය ආරම්භයෙහි ඇතුළත් විය යුතු අතර, සමස්ත පර්යේෂණය පිළිබඳ පැහැදිලි විස්තරයක් පර්යේෂණයේ අරමුණ හා පර්යේෂණ ගැටලුව ආදිය ඇතුළත් ව එහි දැක්විය යුතුය.
සාහිත්‍ය විමර්ශන
* මෙම පර්යේෂණයේ දී භාවිතය කෙරෙන පර්යේෂණ මූලධර්ම ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් පැහැදිලිව ඇතුළත් විය යුතුය.
පර්යේෂණ ක්‍රමවේදය
* නව පර්යේෂණ ක්‍රමවේද භාවිත කරමින් ඒවායේ ඇති සීමා ඇතුළත් වන පරිදි පර්යේෂණය සිදුකළ යුතු අතර, සුදුසු මූලාශ්‍රය ඇසුරු කර ගනිමින් කරුණු තහවුරු කළ යුතුය.
පර්යේෂණ ප්‍රතිඵල
* පර්යේෂණ ප්‍රතිඵල සංක්ෂිප්ත ව, තාර්කික ව ඉදිරිපත් කළ යුතුය.
නිගමනය
*නිගමනයකට එළඹීමට අවශ්‍ය දත්ත පිළිබඳ කරුණු දක්වමින් පර්යේෂණයේ අරමුණුවලට ඉලක්ක වන, ප්‍රතිඵල හා සම්බන්ධ වන සේ නිගමනය ඉදිරිපත් කළ යුතුය.
පාදක සටහන්
* සියලු ම පාදක සටහන් පිටු අග ක්‍රමයට අනුව දැක්විය යුතු අතර ැබාබදඑැි ක්‍රමය භාවිත නොකෙරේ.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
* ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය සහිත ව පර්යේෂණයට පාදක වූ සියලුම ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියක් ලිපිය අග දැක්විය යුතුය.