Wednesday, 08 May 2024
ලිපි ඉදිරිපත් කිරීමේ නිර්ණායක

* සියලු ම ලිපි ඊමේල් මගින්  jhu@kln.ac.lk  යන ලිපිනයට යොමු කළ යුතුය.

* සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන් ම ලිපි ලබාදිය හැකිය.

* සියලු ම සිංහල MS Word මගින් FM Abhaya සහ අකුරු ප්‍රමාණය 12 වන සේ පේළි අතර ද්විත්ව පරතරයක් සහිත ව ඉදිරිපත් කළ යුතුය.

* ඉංග්‍රීසි ලිපි Arial Font / Times New Roman භාවිතයෙන් අකුරු ප්‍රමාණය 10 ලෙසත්, පේළි අතර ද්විත්ව පරතරයක් වන සේත්, සියලු ම ලිපි තනි පිටුවට යතුරුලියනය කළ යුතුය. ලිපිවල මාතෘකා සඳහා අකුරු ප්‍රමාණය 14 විය යුතුය.

* වගු හා පින්තූර වෙන වෙන ම දැක්විය යුතු අතර ඒවා පිළිවෙළින් වගු ගත කළ යුතුය.

* සියලු  ම  කෙටි  නාම  සහිත  පාදක  සටහන්  සමස්ත  ලිපියෙහි  ම  වෙනස්  නොවන  සේ  එකම ආකාරයකට යෙදිය යුතුය. උදා- කැලණිය විශ්වවිද්‍යාලය (කැ.වි.වි.)

* පරිශීලනය කෙරෙන ග්‍රන්ථයන්හි පාදක සටහන්වල සියලු විස්තර දැක්විය යුත්තේ එක් තැනක පමණි. අනෙක් තැන්හි කෙටි නාමය පමණක් භාවිත කළ යුතුය.

* ඉදිරිපත්  කෙරෙන  සෑම  ලිපියක්  ම  විෂයානුබද්ධ  ප්‍රාමාණිකයන්  දෙදෙනෙකු  ලවා  ඇගයීමට  ලක් කර, අවශ්‍ය තැන්හි සංශෝධන සිදු කිරීම සඳහා යොමු කෙරේ.

* ඇගයීම් ක්‍රියාවලිය රහස්‍ය, ස්වාධීන, ක්‍රමයකට අනුව සිදු කෙරේ.


ලිපි ලිවීම සඳහා නිර්ණායක

මාතෘකාව

* මාතෘකාව ලිපියේ අන්තර්ගතයට අනුකූල විය යුතුය.

සංක්ෂේපය හා ප්‍රමුඛ පද

* ප්‍රමුඛ පද හතරක්වත් ඇතුළත් වන සේ ලිපියේ සංක්ෂේපයක් දැක්විය යුතු අතර එය වචන 250- 300 අතර තනි ඡේදයකට දැක්විය යුතුය. එහි උපුටා ගැනීම් ඇතුළත් නොවිය යුතුය.

* එම සංක්ෂේපයෙහි පර්යේෂණයේ අරමුණ වැදගත්කම පර්යේෂණ ගැටලුව, පර්යේෂණ ක්‍රමවේදය, ප්‍රතිඵල හා නිගමනය පැහැදිලිව ඇතුළත් විය යුතුය.


හැඳින්වීම

* පර්යේෂණයට අදාළ හැඳින්වීමක් ලිපිය ආරම්භයෙහි ඇතුළත් විය යුතු අතර, සමස්ත පර්යේෂණය පිළිබඳ පැහැදිලි විස්තරයක් පර්යේෂණයේ අරමුණ හා පර්යේෂණ ගැටලුව ආදිය ඇතුළත් ව එහි දැක්විය යුතුය.

සාහිත්‍ය විමර්ශන

* මෙම පර්යේෂණයේ දී භාවිතය කෙරෙන පර්යේෂණ මූලධර්ම ප්‍රාථමික හා ද්විතීයික වශයෙන් පැහැදිලිව ඇතුළත් විය යුතුය.

පර්යේෂණ ක්‍රමවේදය

* නව පර්යේෂණ ක්‍රමවේද භාවිත කරමින් ඒවායේ ඇති සීමා ඇතුළත් වන පරිදි පර්යේෂණය සිදුකළ යුතු අතර, සුදුසු මූලාශ්‍රය ඇසුරු කර ගනිමින් කරුණු තහවුරු කළ යුතුය.

පර්යේෂණ ප්‍රතිඵල

* පර්යේෂණ ප්‍රතිඵල සංක්ෂිප්ත ව, තාර්කික ව ඉදිරිපත් කළ යුතුය.

නිගමනය

*නිගමනයකට එළඹීමට අවශ්‍ය දත්ත පිළිබඳ කරුණු දක්වමින් පර්යේෂණයේ අරමුණුවලට ඉලක්ක වන, ප්‍රතිඵල හා සම්බන්ධ වන සේ නිගමනය ඉදිරිපත් කළ යුතුය.

පාදක සටහන්

* සියලු ම පාදක සටහන් පිටු අග ක්‍රමයට අනුව දැක්විය යුතු අතර ැබාබදඑැි ක්‍රමය භාවිත නොකෙරේ.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

* ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය සහිත ව පර්යේෂණයට පාදක වූ සියලුම ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියක් ලිපිය අග දැක්විය යුතුය.

I was always somebody who felt quite sorry for myself, what I had not got compared to my friends, how much of a struggle my life seemed to be compared to others.

Quick Links

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news and update

We do not spam!